ගුවන්තොටුපොල ආශ්‍රිතව පිහිටුවීමට නියමිත විද්‍යුත් වීසා ක්‍රමවේදය මගින් රටේ වැදගත් ආරක්ෂක තොරතුරු ලෝකයට විවෘත වීමේ අවදානමක් ඇති බව සඳහන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කළ හිටපු අමාත්‍යවරුන් පිරිසක් එම ක්‍රමවේදය අවලංගු කරන නියෝගයක් නිකුත් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිති.
හිටපු අමාත්‍යවරුන් වන පාටලී චම්පික රණවක, රාහුෆ් හකීම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් යන මහත්වරු ගොනු කළ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් වල වගඋත්තකරුවන් වශයෙන් නීතිපතිවරයා නම් කර ඇත.
ගුවන්තොටුපොල ආශ්‍රිතව විද්‍යුත් වීසා ක්‍රමවේදයක් පිහිටුවීමට නියමිත බවත් එම විද්‍යුත් වීසා ක්‍රමවේද හේතුවෙන් රටේ වැදගත් ආරක්ෂක තොරතුරුු ලෝකයට හෙළිවීමේ අවකාශ ඇති බවත් පෙන්වා දෙනන පෙත්සම්කරුවෝ එමඟින් රටේ ආරක්ෂාවට තර්ජනයක් එල්ල විය හැකි බවද පවසති.
මේ තත්වයහේතූවෙන් ජනතාවට දිරියේදී අහිතකර ප්‍රතිඵල වලට මුහුණ දීමට සිදුවිය හැකියැයි පවසන පෙත්සම්කරුවෝ අදාළ ක්‍රමවේදය අවලංගූ කරන නියෝගයක් නිකුත් කරන්නැයයි ඉල්ලා සිටිති.