නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන බවට වූ පොරොන්දුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සභාව කල්තබන අවස්ථාවේ විවාදය සඳහා යෝජනාවක් අද(17දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට විපක්ෂය තීරණය කර තිබේ.
ඒ අනුව අද පස්වරුවේ පාර්ලිමේන්තුවේ සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විපක්ෂය විසින් ඉදිරිපත් කරනු ලැබේ.
ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කර තිබූ ශ්‍රී ලංකාවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන බවට වූ කාරණය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය නිල වශයෙන් මෙතෙක් ප්‍රකාශ නොකිරීම හේතුවෙන් මෙම යෝජනාව විපක්ෂය විසින් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා මහතා පැවසීය.