දසවැනි පාර්ලිමේන්තුවේ නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සිව්දෙනෙක් නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා ඉදිරියේ ඊයේ (17දා) දිවුරුම් දුන්හ.
සමගි ජන බලවේගය නියෝජනය කරමින් ජාතික ලැයිතු මන්ත්‍රීවරුන් ලෙස සුජීව සේනසිංහ, මුහම්මදු ඉස්මායිල් මුත්තු මුහම්මදු සහ මනෝ ගනේෂන් යන මන්ත්‍රීවරුන් සහ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ නියෝජනය කරමින් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස ෆයිෂර් මුස්තාෆා යන මන්ත්‍රීවරුන් මෙසේ දිවුරුම් දුන්හ.