මිල්කෝ ආයතනය ගෙවීමට තිබු අධික ණය බරින් සියයට පනහකට අධික ප්රමාණයක් වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව ගෙවා දමා ඇති බව එහි වත්මන් සභාපති හේමජීව ගෝඨාභය මහතා දැක්වූ අදහස් අනුව පැහැදිලි වෙයි.
මිල්කෝ ආයතනය අධික ණය බරක්ව පැවැති ආයතනයක් බවත් එය ඈවර කර විදේශීය සමාගමකට පැවැරීමට සූදානම්ව තිබූ බවත් ඔහු පැවැසීය.
එහි සේවකයන් අධෙර්යයට පත්ව සිටි බවත් කෙටි කාලයක් තුළ මිල්කෝ ආයතනය ලබාගෙන තිබූ ණය මුදල්වලින් සියයට 50ක් පමණ ගෙවා අවසන් කළ බවත් ඔහු පැවැසීය.
ඒ අනුව කිරී ගොවීන්ට ගෙවීමට තිබූ රුපියල් මිලියන 500ක් වූ ණය මුදල් සම්පූර්ණයෙන් ගෙවා අවසන් කළ බවත් වෙනත් සැපයුම්කරුවන්ට ගෙවීමට තිබූ රුපියල් මිලියන 700ක මුදලද සම්පූර්ණයෙන් ගෙවා අවසන් කළ බවත් ඔහු පැවැසීය.
මිල්කෝ ආයතනය බැංකුවලට අයිරාව ලෙස රුපියල් මිලියන 1800ක් තිබුණ බවත් එයද සැලකිය යුතු ප්රමාණයකින් ගෙවා අවසන් කර ඇති බවත් ඔහු පැවැසීය.