ලන්ඩන් (ෂින්හුවා) - නව කොරෝනා වෛරසය ලොව පුරා ව්‍යාප්තවී තිබුණ බවත් එය චීනයේ ආරම්භ වීමට ප්‍රථමව වඩා වාසිදායක තත්වයන් ඇති වූ සෑම අවස්ථාවකම පුපුරා ගොස් ඇති බව ඔක්ස්ෆර්ඩ් සරසවියේ විශේෂඥයෙක් ටෙලිග්රාෆ් වෙත පැවසීය.
ඔක්ස්ෆර්ඩ් හි සාක්ෂි පදනම් කරගත් වෛද්‍ය මධ්‍යස්ථානයේ (CEBM) ජ්‍යෙෂ්ඨ සහකාර උපදේශක වෛද්‍ය ටොම් ජෙෆර්සන් මේ බව සඳහන් කර තිබේ.
"පෙබරවාරි මස මුලදී ෆෝක්ලන්ඩ් දූපත් වල කොවිඩ් 19 සිදුවීමක් පැවතුණා. දැන් එය පැමිණියේ කොහෙන්ද? දකුණු ජෝර්ජියාවේ සිට බුවනෝස් අයර්ස් වෙත යාත්‍රා කළ නෞකාවක් තිබුණා. මගීන් පරීක්ෂාවට ලක් කර අටවන දින ඔවුන් යාත්‍රා කිරීමට පටන් ගත් විට වෙඩ්ඩෙල් මුහුදේදී ඔවුන්ගෙන් පළමු සිදුවීම වාර්තා වුණා. එය සූදානම් කළ ආහාරවල වියළී ගොස් නැවතත් සක්‍රීය වුණාද?” යැයි ඔහු ප්‍රශ්න කරයි.
"මෙවැනි ආකාරයේ සිදුවීම් ස්පාඤ්ඤ උණ වසංගතයේදීත් වාර්තා වුණා. 1918 දී බටහිර සැමෝවා ජනගහනයෙන් සියයට 30 ක් පමණ ස්පාඤ්ඤ උණෙන් ජීවිතක්ෂයට පත්වුණා. ඔවුන් බාහිර ලෝකය සමඟ කිසිදු සබඳතාවක් පවත්වා තිබුණේ නෑ.” යනුවෙන් ජෙෆර්සන් තවදුරටත් පැවසීය.
මේ වන විට වෛරසය ආසියාවේ බිහිවීමට පෙර වෙනත් තැනක පැවති බවට සාක්ෂි වැඩිවෙමින් පවතී.
චීනයේ COVID-19 හඳුනා ගැනීමට මාස නවයකට පෙර, 2019 මාර්තු මාසයේදී එකතු කරන ලද බාර්සිලෝනා අපජල සාම්පලයක කොරොන වයිරසය පැවැති බවට පසුගිය සතියේදී ස්පාඤ්ඤ වෛරස් විද්‍යාඥයින් විසින් නිවේදනය කළේය.
ඉතාලි ජාතික සෞඛ්‍ය ආයතනය පසුගිය මාසයේදී කියා සිටියේ මිලාන් සහ ටියුරින් හි අපජල ජලය තුළ දෙසැම්බර් 18 වන දින කොරෝනා වයිරස් අංශු හමුව ඇති බවයි.
.