යල් පැනගිය ක්‍රීඩා පනත යාවත්කාලීන කර ක්‍රීඩාව ඉහළ වෘත්තීමය තත්ත්වයකට ගේන්න කටයුතු කරන බව සමගි ජන සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
අද (12දා) පැවති සමගි ක්‍රීඩා සමුළුව අමතමින් හෙතෙම මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.
“අපේ රටේ ක්‍රීඩාව ඉදිරියට යන්නට නම් මම තරයේ විශ්වාස කරනවා. ඒ ක්‍රීඩාව කේන්ද්‍රීයව තිබෙන අණපනත් යාවත්කාලීන කරන්නට නම් නූතනවාදී කරන්න ඕනි. යුගයට ඔබින ආකාරයේ අණපනත් නිර්මාණය කරන්න ඕනි. යල් පැනගිය, පැරණි, යථාර්ථවාදී නොවන සංකල්ප තුළ අපිට තවදුරටත් රැඳී සිටින්නට බෑ.
ඒ නිසා යල් පැනගිය ක්‍රීඩා පනත යාවත්කාලීන කරලා, පළාත් 09 පරිපාලන දිස්ත්‍රික්ක 25ම ක්‍රීඩා ක්ෂේත්රය ප්‍රගුණ කිරීමේ ක්‍රීඩා ජාතික ප්‍රතිපත්තිය බලයට පැමිණ කෙටි කාලයක් තුළ ක්‍රියාත්මක කරන්න අපි සැදී පැහැදී සිටිනවා. විශේෂයෙන්ම ග්‍රාමීය, නාගරික බල ප්‍රදේශවල බිම් මට්ටමේ ක්‍රීඩා සංවර්ධනය ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා.
ක්‍රීඩාවට තිබෙන අවස්ථාව, ප්‍රවේශය ඒ සංකල්පය මහ පොළවේ යථාර්ථයක් බවට පත් කරන්න අදහස් කරනවා. ක්‍රීඩා ක්ෂේත්රයේ විවිධ කුසලතාවයන්, නිපුණතාවයන් තිබෙන ක්‍රීඩකයන්ට ආධාර උපකාර කරන වෙනමම වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. පාසල් ක්ෂේත්රය, යෞවන ක්ෂේත්රය කේන්ද්‍ර කරගත් ක්‍රීඩා වැඩසටහන් ක්‍රියාත්මක කරනවා.
මේ ක්‍රීඩා ක්ෂේත්රයේ යටිතල පහසුකම් සංවර්ධනය කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ක්‍රීඩාවේ නියැළෙන සියලු දෙනාගේ සෞඛ්‍යමය තත්ත්වයත් වගේම යහපත් ජීවිතයක් ගත කිරීම යන ද්විත්ව ක්‍රියාවලියන් සාක්ෂාත් කරන්න අපේ ජාතික ප්‍රතිපත්තිය තුළ අපි අදහස් කරනවා.
ගෝලීය වශයෙන් අපි තරගකාරී තැනකට ප්‍රවේශ වන්නට ඕනි. එතනට අවශ්‍ය සියලුම පහසුකම් ලබා දීමේ ක්‍රමවේදය සකස් කර ඉතාම වේගවත් ක්‍රීඩා සංවර්ධන වැඩසටහනට අපි යොමු වෙනවා. ඒ වගේම ක්‍රීඩා කේන්ද්‍රීයව ආර්ථික සංවර්ධන රටාවකුත් දියත් වෙනවා.
ක්‍රීඩාව කේන්ද්‍රීයව නව ව්‍යවසායකයෙක්, නව නිර්මාණ තුළ, නව ක්‍රීඩා තාක්ෂණ ක්ෂේත්රය තුළ බිහිවෙනවා. ඒ අයට ඒ අයගේ දක්ෂතාවයන් ප්‍රගුණ කරගෙන ව්‍යවසායකයන් හැටියට ක්‍රීඩා ක්ෂේත්රය පදනම් කරගෙන රටේ ආර්ථික දියුණුව උදෙසා ඒ කරන්න පුළුවන් උපරිම අනුග්‍රහය අපි කරන්න බලාපොරොත්තු වෙනවා.
ක්‍රීඩාව තුළ සමාජ ඒකාග්රතාවයක් ඇති වෙනවා. සමාජය තුළ එකමුතුභාවය සාමූහිකත්වය වැඩි දියුණු වෙනවා. මේ එකමුතුභාවය, සාමූහිකත්වය අපිට පුළුවන් රටේ ශක්තිය බවට පත් කරන්න. ක්‍රීඩාව කියන ක්‍රියාවලිය ජාතික, කුලමල, පන්ති, පක්ෂ, ආගම් භේදයකින් තොරව ඒ සියලුම කඩතොලු බාධා විනාශ කරමින්, ඒ බාධා ඉවත් කරමින් ඉදිරියට යන ක්ෂේත්රයක්.
ක්‍රීඩාව දියුණු වන්නට නම් අපි තරයේ විශ්වාස කරනවා මෙය නිර් දේශපාලනීකරණයට ලක්විය යුතුමයි. දේශපාලඥයන් ක්‍රීඩා සංගම්වලට සම්බන්ධ වීම සුදුසු ක්‍රියාවක් නෙවෙයි කියලා මම හිතනවා. දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොරව අපි අපේ ක්‍රීඩාව ඉහළ වෘත්තීමය තත්ත්වයකට ගේන්න කටයුතු කරනවා.”