අන්තර්කාලීන සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම, වර්තමාන අගමැතිවරයා නැතුව නව අගමැතිවරයෙක් යටතේ නව ඇමති මණ්ඩලයක් පත්කිරීමට ජනපතිවරයා එකඟ වූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
ජනපතිවරයා සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනපතිවරයා මේ බව සඳහන් කළේය.