බුත්තල නගරයේදී නයි නටවමින් සිටි පුද්ගලයෙකු නයා දෂ්ඨකිරීමෙන් අනතුරුව මොනරාගල දිස්ත්රික් මහ රෝහලේ ප්රතිකාරලබමින් සිටියදී ඉකුත් (03) වෙනිදා මියගොස් ඇතැයි බුත්තල පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ අක්කරේපත්තුව තිරික්කෝවිල් පදිංචි රාජ් කුමාර් (47) නැමති සයදරු පියෙකි.
හෙතෙම ඉකුත් මැයි පළමුවෙනිදා බුත්තල නගරයේ බස් නැවතුම්පොළ අසල නයි නටවමින් සිට ඇති අතර ඔහු විසින් ඊට දින දෙකකට ඉහතදී අල්ලා ගන්නා ලද නයෙකු නැටවීමට යාමේදී නයා එකවරම පැන නයි නටවන්නාගේ පපු ප්රදේශයට දෂ්ඨකර ඇත.
පසුව ඔහු බුත්තල ප්රාදේශීය රෝහලට ඇතුලත්කර වැඩිදුර ප්රතිකාර සඳහා මොනරාගල දිස්ත්රික් මහ රෝහලට ඇතුලත්කර දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාරලබමින් සිටියදී මෙලෙස මියගොස් තිබේ.බුත්තල පොලීසියේ පො.සැ 56494 වීරසිංහ මහතා විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.