හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු සහ මධ්‍යම පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යවරයෙකු වන නන්දිමිත්ර ඒකනායක මෙවර මහ මැතිවරණයේදි එක්සත් ප්රජාතන්ත්රවාදි හඩ පක්ෂයෙන් පාර්ලිමෙන්තු මැතිවරණයට ඉදිරිපත්ව සිටියි.
නන්දිමිත්ර ඒකානායක 1988 වසරේ ප්‍රථම වරට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් පාර්ලිමෙන්තුවට තේරි පත්වු අතර 1994 පොදු පෙරමුණු රජයේ පරිසර කැබිනට් අමාත්‍යවරයා ලෙසත් පසුව පැවති රජයන් කිහිපයක කැබිනට් සහ නියෝජ්‍ය රාජ්‍ය අමාත්‍යධුර ගණනාවක් දරා ඇති අතර වරයෙක මධ්‍යම පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙසද කටයුතු කර තිබේ.
2001 වසරේ එක්සත් ජාතික පක්ෂයට සමබන්ධවු අතර පසුව මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ උසස් අධ්‍යෘපන රාජ්‍ය අමාත්‍යධුරයද දැරිය.
පසුගිය ජනාධිපතිවරණයේදි සමගි ජන බලවේගයේ අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කළ සිටි අතර පසුව මෙම මැතිවරණයේදි එක්සත් ප්රජාතන්ත්රවාදි හඩ පක්ෂයෙන් ඉදිරිපත් ව සිටි. ( I J )
මහේෂ් කීර්තිරත්න