නත්තල් සහ අලුත් අවුරුදු සමය වෙනුවෙන් කේක් මිල අඩු කිරීමට නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන් .කේ. ජයවර්ධන මහතා පවසයි.
කේක් නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍යවල පවතින අධික මිල සහ බදු හේතුවෙන් කේක් නිෂ්පාදනයේදී විශාල පිරිවැයක් දැරීමට සිදු වී ඇතැයි ඔහු කියා සිටි .
විශේෂයෙන් මාගරින් තිරිඟු පිටි, බිත්තර, ඇතුළු කේක් නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමු ද්‍රව්‍යවල මිල අඩු කිරීම සිදුකළේ නම් කේක් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිලද ජනතාවට දැනෙන මිලකින් අඩු කිරීමට හැකියාවක් තිබූ බවද හෙතෙම කීය.
මෙම තත්ත්වයන් පිළිබඳව සාකච්ඡා කිරීමට තම සංගමය නව රජයේ වෙළඳ අමාත්‍යවරයාගෙන් අවස්ථාවක් ඉල්ලා සිටියද ඒ සඳහා අවස්ථාවක් නොලැබුණු බවද ඔහු පැවසීය.
ඒ අනුව මෙවර නත්තල් සහ අලුත් අවුරුදු සමය වෙනුවෙන් කේක් මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවන බව පෙන්වා දෙන සභාපතිවරයා දැනට වෙළඳපොළ තුළ නියමිත ප්‍රමිතියෙන් යුතු කේක් කිලෝවක් රුපියල් 1000 ත් 1300 ත් අතර මිල ගණන් යටතේ අලෙවි කරන බවත් උත්සව සමය වෙනුවෙන් පාරිභෝගික ජනතාව අතර කේක් ඉල්ලුමේ වැඩිවීමක් පෙනෙන්නට නොමැති බවත් එම නිසා කේක් නිෂ්පාදනයේ වැඩිවීමක්ද නොමැතිව සාමාන්‍ය තත්ත්වය යටතේ පවතින බවද ජයවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.
දෙවොලපොල කීර්ති ප්‍රනාන්දු