කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ තිබූ රුපියල් කෝටි 02 කට අධික විස්කි බෝතල් තොගයක් අතුරුදන් විමේ සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ එහි ගබඩා භාරකරු ලබන 16 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (03) නියම කළේය.
කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ තිබූ රුපියල් කෝටි 02 කට අධික විස්කි බෝතල් 1194 ක තොගයක් සොරකම් කර සැකකරු සාද පවත්වා ඇති බවට තොරතුරු ලැබී ඇතැයි කියමින් කොළඹ අපරාධ කොට්ඨාසය කළ ඉල්ලීමක් පිළිගනිමින් සැකකරු රිමාන්ඩ් බාරයට පත් කළ මහේස්ත්‍රාත්වරයා සාද පැවැත්වීමෙන් පසු ඉතිරි වු මත්පැන් බෝතල් වලට කුමක් කලේද? සහ මීට සම්බන්ධ වු අනෙක් අය කවුද? යන්න සම්බන්ධයෙන විමර්ශන කර වහාම අධිකරණයට වාර්තා කරන ලෙසට පොලීසියට නියම කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ භාරකරු වශයෙන් කටයුතු කළ ගයාන් සම්පත් නමැත්තා මෙලෙස රිමාන්ඩ් බාරයට පත් කළේය.
කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු භාන්ඩ ලේඛාධිකාරීවරයා කළ පැමිණිල්ලකට අනුව කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාශය මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කෙරිණී.
සුරා බදු දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට භාර දී තිබූ විස්කි බෝතල් 1194 ක තොගයක් අධිකරණයෙන් රාජරාජසන්ත කර කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රඳවා තීබී ඇතැයිද සැකකරු එම මත්පැන් බෝතල් වලින් උපයෝගී කර ගනිමින් සාද පවත්වා ඇතැයිද විමර්ශන වලදී හෙළි වු බව විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්හ.
මත්පැන් බෝතල් රාජසන්තක කිරීමේ නියෝගයට එරෙහිව මත්පැන් බෝතල් හිමිකරු මහාධිකරණයට හා අභියාචනාධිකරණයට අභියාචන පෙත්සම් ගොනු කළත් ඉහළ උසාවි මහේස්ත්‍රාත් අධිකරණ නියෝගය අනුමත කරමින් අභියාචන පෙත්සම් ඉවත දමා ඇතැයිද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්හ.
රජයේ දේපළ සාපරාදී සාවද්‍ය පරිහරණය කරමින් සැකකරු රජයේ සේවකයෙකු ලෙස විශ්වාසය කඩකිරීම, සොර බඩු නිතී විරෝධී අන්දමින් බැහැර කර ඇති බව විමර්ශන වලදී තොරතුරු හෙළී වු බවද දැනුම් දුන් පොලිසිය සැකකරු පොදු දේපළ පනත යටතේ දඬුවම් ලැබිය යුතු වැරදි කර ඇතැයිද දැනුම් දුන්නේය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කරන්නේ යැයි දැනුම් දුන් විමර්ශන නිලධාරීන් සැකකරු රිමාන්ඩ් බාරයට පත් කරන්නැයි ඉල්ලා සිටියහ.ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව සැකකරු රිමාන්ඩ් බබාරයටපත් කළළ මහෙස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළ පැමිණිල්ල යළි කැඳවන ලබන 16 වැනිදා විමර්ශශන වල ප්‍රගතිය වාර්තා කිරීමට පොලිසියට නියම කළේය.