මුහුදේ පාවී ආ බෝතලයක තිබූ දියර වර්ගයක් පානය කිරීමෙන් ජීවිතක්ෂයට පත් ඩොවෝන් පුතා 5 ධීවර යාත්රාවේ ධීවරයින් හතර දෙනාගේ මෘතදේහයන් රැගත් බහුදින ධීවර යාත්රාව (3) උදේ 7.30 ට පමණ තංගල්ල ධීවර වරායට ලගාවිය.
ඩෙවෝන් පුතා 3 ධීවර යාත්රාව මගින් මෘතදේහයන් තැන්පත් කර තිබූ ඩෙවෝන් පුතා 5 ධීවර යාත්රාව කඹයක ආධාරයෙන් ඇද ගෙන ආවේය .
තංගල්ල මහේස්ත්රාත් ශාමලා භුතාවත්ත මහත්මිය (03) උදේ 11 ට පමණ තංගල්ල ධීවර වරායට පැමිණ ස්ථානීය මහේස්ත්රාත් පරීක්ෂණය සිදුකලාය.මහේස්ත්රාත්වරිය ඉදිරියේ බහුදින ධීවර යාත්රාවේ අධිශීතකරණය සහිත ටැංකියක තැන්පත් කර තිබූ ධීවරයින්ගේ දේහයන් ගොඩට ගත් පසු ධීවරයින්ගේ නෑදෑයින් විසින් මෘතදේහයන් හදුනා ගැනීම සිදුකලහ.
ඉන්පසු තංගල්ල මූලික රෝහලට රැගෙන ගොස් පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා අධිකරණයට වාර්තා ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්රාත්වරිය තංගල්ල මූලස්ථාන පොලිසියට නියෝග කළාය.
මුල්කිරිගල , හඳුගල ගුණරත්න