බලපිටිය හරස්පල ධීවරවරායෙන් මුහුදු ගිය ධීවර යාත්රාවක් පෙරලීමෙන් අද (28) ධීවරයෙකු මියගොස් තවත් අයකු අතුරුදහන් වී ඇති බව අහුන්ගල්ල පොලීසිය පවසයි.
මෙම ධීවර යාත්රාවේ හිමිකරු පිහිනා ගොඩබිමට පැමිණ දිවි බේරාගෙන ඇති බවද පොලීසිය කියයි. මෙසේ මියගොස් ඇත්තේ බලපිටිය , විජයාරාම පාරේ පදිංචි සට්ටම්බි අර්ල් නිශාන්ත කුමාර ද සිල්වා (46) අයයි.
අතුරුදහන් වී ඇත්තේ බලපිටිය බ්රාහ්මණවත්ත ලිපිනයේ පදිංචි අගම්පොඩි සුරේන්ද්ර පෙරේරා (42) නැමැති අයෙකි. අද උදෑසන 5.30 ට පමණ බලපිටිය හරස්පල ධීවර තොටුපලින් ධීවරයෝ තිදෙනෙකු මුහුදුගොස් ඇති අතර මුහුදේ පවතින රළු ස්වාභාවය හේතුවෙන් ධීවර යාත්රාව පෙරලී ඇති බවද පොලීසිය කියයි.
ධීවර යාත්රාවේ හිමිකරුවන බලපිටිය විජයාරාම පාරේ පදිංචි ලද්දු ගිම්හාන ද සිල්වා (28) අය පිහිනා ගොඩබිමට පැමිණ දිවිබේරා ගෙන ඇති බවද පොලිසීය කියයි. මෙම සිද්ධිය පිලිබදව අහුන්ගල්ල පොලීසිය වැඩිදුර පර්රීක්ෂණ පවත්වයි.
අම්බලන්ගොඩ හේමන්ත ද සිල්වා