උඳු, මුං ඇට, කව්පි, බඩඉරිඟු, කුරක්කන් සහ මිලට් ආනයනයේදී අය කළ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු ඉහළ නංවමින් නව ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.
ඒ අනුව කව්පි (අනෙකුත්), බීජ කුරක්කන් (ඉලියුසිනේ කොරකාන විශේෂ), බීජ - අනෙකුත් (මිලට්), කුරක්කන් (ඉලියුසිනේ කොරකාන විශේෂ) හා මිලට් (අනෙකුත්) ආනයනයේදී මෙතෙක් පැවති කිලෝග්රෑමයකට රුපියල්70ක් වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 300ක් දක්වාත් ඉහළ නංවා ඇත.
මෙම ගැසට් පත්‍රයට අනුව උඳු (අනෙකුත්) සඳහා මෙතෙක් කිලෝග්රෑමයකට රුපියල්200ක්ව පැවති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල්300ක් දක්වා ඉහළ නංවා තිබේ.ඒ අනුව එම බද්ද සියයට 50කින් ඉහළ දමා ඇත.
මීට අමතරව බඩඉරිඟු සඳහාද රුපියල් 25ක වෙළෙඳ භාණ්ඩ බද්දක් නියම කර ඇත.
මේ අතර බඩඉරිඟු, උඳු, මුං ඇට, කව්පි හා කුරක්කන් ආනයනය කිරීම කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිර්දේශය මත සිදු කළ යුතු බවට මෙම ගැසට් නිවේදනයෙන් අවධාරණය කර තිබේ.