පාද සම්බාහන ආයතනයක් ලෙස පුවරු ප්‍රදර්ශනය කර දීර්ඝ කාලයක් තිස්සේ ධනකුවේරයින් හා කෝටිපති ව්‍යාපාරිකයන් සඳහාම මුදලට කාන්තාවන් සැපයූ නුගේගොඩ නාවල පාරේ ආයතනයක් වටලා කාන්තාවන් 14 දෙනෙකු සහ ඔවුන් මෙහෙය වු කළමනාකාරවරිය අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකය පවසයි.
කාන්තාවන් සහ කළමනාකාරවරිය අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව එම ස්ථානයේ සිදුකළ පරික්ෂාවේදී උපත් පාලන කොපු ඇතුළු ලිංගික ක්‍රියාවන් සඳහා යොදාගන්නා විවිධ උපකරණ හා ආලේපන වර්ග තොගයක්ද පොලිස් භාරයට ගත් බව වැටලීම සිදුකළ සිදුකළ පොලිස් නිලධාරියකු පැවැසීය.
ආයුර්වේද පාද සම්බාහනය සිද කරන බවට අන්තර්ජාලය ඔස්සේ දැන්වීම් පළකර එම ස්ථානයට දුරකථන ඇමතුම් ලබා දෙන පැමිණෙන පුද්ගලයින් හට ඉතා අධික මිල ගණන් යටතේ ගණිකා සේවයේ යෙදවීම සඳහා කාන්තාවන් ලබාදී ඇති බවත් එම ස්ථානයට අමතරව පිටස්තර ස්ථාන වලට රැගෙන යාම සඳහා ද කාන්තාවන් සපයා ඇති බව මූලික විමර්ශනවලදී හෙළිකර කර ගැනීමට හැකි වූ බව පොලිසිය පවසයි.
කුලී පදනම මත ලබාගත් මෙම ගොඩනැගිල්ල තුල විවිධ වයස් සීමා පෙනුම අනුව රුපියල් 7,000/= සිට රුපියල් 25,000/= දක්වා මිල ගණන් යටතේ කාන්තාවන් මුදලට විකුණා ඇති බවත් එම ස්ථානයේදී සේවය ලබාගන්නේ නම් කාමර ගාස්තුවක්ද අයකර ඇති බව අත්අඩංගුවට පත්වූ කළමනාකාරවරිය ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය කර ගැනීමට හැකිවූ බවද පොලිසිය පවසයි.
එම ආයතනය සමාජ ශාලාවක් ලෙස හැඩ ගන්වා තිබූ අතර අඩ අඳුරු ආලෝක විදුලි බුබුළු සවිකර සිහින් සංගීත රාවයක් ද ඇසෙන පරිදි සුවපහසුව අසුන් පනවා තිබූ අතර පැමිණෙන ගනුදෙනුකරුවන්ට තමන්ට රිසි සේ තරුණියක් තෝරාගත හැකි පරිදි ඔවුන් එක පෙළට අසුන් ගන්වා තිබූ බව පොලිසිය කියයි
අත්අඩංගුවට ගත් කාන්තාවන් 20 වැනි වියේ සිට 55 වැනි විය දක්වා පසුවන රත්නපුර, නුවරඑළිය, හැටන්, බගවන්තලාව, මීගමුව,අවිස්සාවේල්ල, කෑගල්ල, කුරුණෑගල වැනි විවිධ ප්‍රදේශයන්හි පදිංචිකාරිනියන් වන බවත් කෝඩ් කොළඹ හා තදාසන්න ප්‍රදේශවල නැවතී රාජකාරි කරන බව නිවෙස් වලට පවසා මෙම ස්ථානයේ ගණිකා රැකියාව සඳහා යොමුවී ඇති බවත් පොලිසිය පවසයි.
පාද සම්බාහන කටයුත්තක් සිදු කර ගැනීම සඳහා සහභාගි වන අයුරින් උපාය දුතයෙකු යොදවා සිදුකළ විමර්ශන හා පරීක්ෂණවලදී අනාවරණයවූ තොරතුරු මත මෙම වැටලීම සිදුකළ බවත් පොලීසිය පැවසීය.
පොලිස් නිලධාරීන් මෙම ස්ථානය වටලා තිබූ අවස්ථාවේදීත් සුඛෝපභෝගී මෝටර් රථ කීපයක් එම ස්ථානයට පැමිණ ආපසු හරවා යනු දක්නට ලැබුණු බව වැටලීම කළ පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය
අත්අඩංගුවට ගත් කාන්තාවන් (14) දෙනා සහ කළමනාකාරවරිය අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා මිරිහාන පොලිස් ස්ථානය වෙත භාරදුන් බව නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකය පැවසීය.