දේශීය හා බටහිර වෛද්‍ය කේෂ්ත්‍රයේ සියලුම තරාතිරම්වල සේවකයින්ගේ රාජකාරී හෝ සේවා හැඳුනුම්පත ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිතා කරන ලෙස පොලිස්පතිවරයා විසින් දැනුම් දී තිබේ.
පොලිස්පතිවරයා විසින් සියලූම පළාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු අදාළ නිලධාරීන් වෙත ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කිරිම සම්බන්ධයෙන් උපදෙස් ලබා දෙමින් මේ බව පවසා තිබේ.
මෙම සේවා හැඳුනුම්පතට අමතරව ආයතන ප්‍රධානියාගේ ලිපියක් අවශ්‍ය නොවන බව ද එම නිවේදනය මඟින් දක්වා තිබේ.
රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.