පොලිස්පති ධුරයේ රාජකාරි අත්හිටුවා තිබෙන හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නිවස සෝදිසි වරන්තුවක් නොමැතිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නිවසට ඇතුළු වී පරික්ෂා කිරීම සම්බන්ධයෙන් ඒ මහතාගේ බිරිඳ අතුරුගිරිය පොලිසිය වෙත පැමිණිල්ලක් කර ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු පැවසීය.
පැමිණි එම නිලධාරින් නිවසේ දොර අගුළු දමා වසා තිබූ එක් කාමරයක් යතුරු කපන්නෙකුද ගෙන්වා දොර විවෘත කර පරීක්ෂා කළ බවද ඇය කරන ලද පැමිණිල්ලේ සඳහන්ය.
වසා දමා තිබූ එම කාමරය තුළ තිබී විදේශීය මත්පැන් බෝතල් 795 ක් වයින් බෝතල් 214 ක් මෙන්ම ඇපල් වර්ගයේ ජංගම දුරකථන දෙකක් සහ දේශපන්දු මහතාගේ රාජකාරී ගිණි අවිය බවට සැලකෙන පිස්තෝළ ගිනි අවියක්ද පොලිසිය මගින් සොයා ගෙන තිබිණි
අතුරුගිරිය පොලිස් වසමේ ,කෝකන්දර , 7 වෙනි පටුමඟ, ගංගානි උද්‍යානය ,අංක 76/ඒ -නිවස සෝදිසි වරන්තුවක් නොමැතිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සේනාරත්න මහතා ඇතුළු නිලධාරී කණ්ඩායමක් සහ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරී කණ්ඩායමක් විසින් සෝදිසි කිරීමේ වරෙන්තුවක් ඉදිරිපත් නොකර පෙරේදා (18) පරික්ෂා කිරීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පතිවරයාගේ බිරිඳ වන පතිරන්නැහැලාගේ අනුරාදා උමයංගනී විජේවර්ධන මහත්මිය විසින්
අතුරුගිරිය පොලිසිය වෙත පැමිණ සි අයි බි (3) 207/180 යටතේ පෙරේදා (18) දහවල් 1415 එම පැමිණිල්ල සිදුකර ඇත
එම අවස්ථාවේදී පැමිණි නිලධාරීන්ගෙන් සෝදිසි වරෙන්තුවක් නොමැතිව නිවස පරික්ෂා නොකරන ලෙසට පැමිණිලිකාරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දැනුවත් කිරීමෙන් පසුවද එය නොතකා ඔවුන් විසින් පරීක්ෂා කළ බවද
විජේවර්ධන මහත්මිය කරන ලද පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන්ය
අතුරුගිරිය පොලිසිය පරීක්ෂණ පවත්වයි