තමා අත්අඩංගුවට ගැනීමට මාතර මහෙස්ත්රාත් අධිකරණය ලබාදුන් නියෝගය ක්රියාත්මක කිරීම වළක්වාලමින් අතුරුතහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ධුරයේ වැඩ අත්හිටවූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්රභ කිරීමට අභියාචනාධිකරණය අද (17) තීන්දු කළේය.
ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කිරිමටත් අභියාචනාධිකරණය කටයුතු කළේය.