වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදිරිපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාතර අධිකරණය වෙත පැමිණ භාර වු කොලඹ අපරාධ කොට්ඨාසයේ හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් හය දෙනා රුපියල් ලක්ෂ 10 බැගින් වු ශරීර ඇප දෙක බැගින් මුදා හරින ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා අද (21) නියෝග කලේය.
එසේ ඇප මත මුදා හරිනු ලැබුවේ කොලඹ අපරාධ කොට්ඨාසය හිටපු ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇනස්ලම් ද සිල්වා,පොලිස් පරීක්ෂක එම්.ආර්.දුනුසිංහ,උප පොලිස් පරීක්ෂක රොෂාන් මදුරංග,සැරයන් 69480 ප්‍රසන්න කුමාර,කොස්තාපල් 2204 ප්‍රියනාත් හා පොලිස් කොස්තාපල් රියදුරු දුලීප් ගිහාන් පියතිස්ස යන සැකකරුවන් හය දෙනායි.
මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවකු වන පොලිස් පරීක්ෂක ජගත් නිශාන්ත නැමැත්තා විදෙස් ගතව ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තු කල අතර ඔහු අත්අඩංගුවට ගැනීම සදහා මාතර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වරෙන්තුවක් නිකුත කලේය.
ඇප ලැබු සැකකරුවන් හය දෙනාට අද (22) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ප්‍රකාශයක් ලබා දෙන ලෙසට නීයම කල මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා මෙම නඩුවේ ඉදිරි විමර්ශන වලට පූර්ණ සහාය ලබා දෙන ලෙසත් කිසිදු විටෙක ඊට බාධා වන දෙයක් සිදු නොකල යුතු බවත් දැනුම් දුන්නේය.
අදාල ඇප නියෝගය පිටු 12 කින් සමන්විත වු අතර එහි වැඩිපුර දක්වා තිබුණේ මිනිස් ජීවිතයක ඇති වටිනාකම පිලිබඳවයි.
සැකකරුවන් පොලීස් විමර්ශන වලට සහාය දැක්වීම හා අභියාචනාධිකරණ තීන්දුව දුන් විගස අද දිනයේම අධිකරණයට බාර වීම පිලීබදව අවධානය යොමු කල බවත් ඇප ප්‍රතික්ෂේප කිරීමට තරම් හේතු පැමිණිල්ල මගින් සනාථ කිරීමට අපොහොසත් වු බවද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේය.
කෙසේ වෙතත් ඇප ලැබු සැකකරුවන් කිසිවකුත් තමන් සමග එකට වැඩ කල නිලධාරියා වෙඩි වැදීමෙන් තුවාල ලබා ලේ වැගිරෙමින් තිබියදී කිසිදු විටෙක රෝහල් ගත කිරීමට ක්‍රියා කර නොතිබීම අතීශය මනුශ්‍ය කමට නිගා දෙන සිද්ධියක් බව අවධාරණය කලේය.
සැකකරුවන් අතරින් කෙනෙකු හෝ මනුස්සකම තේරුම් ගෙන තුවාලකරු රෝහල් ගත කිරීමට ක්‍රියා කලා නම් අද වන විට එම පවුලේ ප්‍රියයන් ද සතුටින් සිටින බව කීය.
එම නිසා ඇප ලබා දුන්නද තම හෘද සාක්ෂියට අනුව ඔවුන් කල ක්‍රියාව කිසි දිනෙක සාධාරණය කල නොහැකි බව තේරුම් ගත යුතු බවද දැනුම් දුන්නේය.
තවද ඉහල නිලධාරීන් අනීතීකව ලබා දෙන නියෝග ක්‍රියාත්මක නොකිරීමට සියලු නිලධාරීන් කටයුතු කල බවද මෙම සැකකරුවන් අතර එවැනි එකදු නිලධාරියෙකු හෝ නොසිටීම කණගාටුදායක තත්වයක් බවද වැඩිදුරටත් සදහන් කලේය.
ක්‍රිෂාන් ජිවක ජයරුක්