අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ඊයේ (09දා) මධ්‍යම රාත්‍රී කතරගම මහ දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතාගේ මාලිම්බඩ පිහිටි මහ ගෙදර සෝදිසියට ලක් කර ඇත.
සිවිල් ඇදුමින් ආයුධ සන්නද්ධ කණ්ඩායමක් තම නිවස සෝදිසි කරන බවත් ඔවුන් කවුරුන්දැයි නොදන්නා බවත් කියමින් ඩිෂාන් ගුණසේකර මහතා ඒ පිළිබඳව මාලිම්බඩ පොලීසියේ ස්ථානාධිපතිවරයා දුරකතනයෙන් දැනුවත් කිරීමෙන් පසු පොලීසිය එම නිවසට පැමිණ තිබේ.
එසේ පැමිණි පිරිස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බවත් පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා සොයා ඔවුන් නිවස පරීක්ෂා කර ඇති බවත් මාලිම්බඩ පොලීසිය තමා දැනුවත කළ බව ඩිෂාන් ගුණසේකර මහතා කීය.
අධිකරණයෙන් කිසිදු සෝදිසි වරෙන්තුවක් ලබා නොගෙන අඩුම තරමින් මාලිම්බඩ පොලීසිය හෝ දැනුවත් නොකර තම 84 හැවිරිදි මව හා සේවකයන් දෙදෙනෙකු සිටින නිවස මෙසේ පරීක්ෂා කිරීම යුක්ති සහගත නොවන ක්‍රියාවක් බවද රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර කතරගම දේවාලයේ ටිකට්පත් සිද්ධියක් සම්බන්ධයෙන් සමාජ ක්‍රියාකාරිකයෙකු මීට පෙර සිදු කළ පැමිණිල්ලකට අනුව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයා අද (10දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීය.