රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු වැඩ තහනමට ලක්වූ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අගුණුකොණපැලැස්ස බන්ධනාගාරය වෙත යොමු කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක හා බන්ධනාගාර කොමසාරිස් ගාමිණි ඩි දිසානායක මහතා පැවසීය
හිටපු පොලිස්පතිවරයාට අවශ්‍ය ආරක්ෂාවද සපයා ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා කීය. ඔහු අද (20) නැවත මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
වැලිගම හෝටලයට වෙඩි තැබීමේ සිද්ධියේසම්බන්ධයෙන් සැකකරුවකු ලෙස නම්කර සිටි හිටපු පොලිස්පති දේශබන්දු මහතාා ඊයේ 19 මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත භාරවීමෙන් අනතුරුව අද 20 දින දක්වා බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරිණි.