විවෘත වරෙන්තු නිකුත් කරනිකුත් කර දුටු තැන අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය මගින් නියෝග නිකුත් කර තිබෙන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතාගේ මාතර මොරවක පිහිටි නිවසේ සැඟව සිටින බවට ලද තොරතුරකට අනුව එම නිවස ද පරික්ෂාවට ලක් කර ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.
ඊයේ (11) රාත්‍රී සෝදිසි වරෙන්තුවක් ද රැගෙන එහි ගිය මාතර විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් එම පරික්ෂාව සිදු කර ඇත.
එම අවස්ථාවේදී හිටපු අමාත්‍යවරයා කොළඹ සිට ඇති අතර නිවැසියන් ඔහුව දුරකථනයෙන් පැමිණි නිලධාරීන් සමග සම්බන්ධ කිරීමෙන් අනතුරුව පැමිණි කාරණය විමසීමේදී දේශබන්දු තෙන්නකෝන් මහතා ඔහුගේ නිවසේ සැඟව සිටින බවට ලද තොරතුරකට අනුව නිවස පරීක්ෂා කිරීමට පැමිණි බවට ඔවුන් පැවසී යැයි මේ පිළිබඳ විමසීමේදී හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය.
"මම එම නිලධාරීන්ට කිව්වා ප්‍රශ්නයක් නෑ බලන්න. හැබැයි කබඩ් ඇතුලේ බලන්න නම් මම එනකම් ඉන්න වෙනවා කියලා කිව්වා. ඒ නිලධාරීන් විනාඩි 30- 45 අතර කාලයක් නිවසේ සෑම තැනම සහ අවට පරික්ෂා කරන්න පිටව ගිහින් තියෙන බවට දැනගන්නට ලැබුණා.
දේශබන්දු තෙන්නකෝන් මහත්තයාගේ පොලිස්පති පත්වීමට ඉඩ දෙන්නේ නෑ කියලත් මට චෝදනාවක් ආවා. මීට වසර කිහිපයකට ඉස්සෙල්ලා. එහෙම එක්කෙනාව හංගගෙන ඉන්නවා කියලත් දැන් මගේ ගේ චෙක් කරනවා.
ඒ වගේම තමයි ගාමිණි සෙනරත් මහත්තයත් හංගගෙන ඉන්නවා කියලත් ආවනේ."
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා 2023 දෙසැම්බර් මස 31 වෙනි දින වැලිගම පැලෑන ප්‍රදේශයේ සිදු වූ වෙඩිතැබීමක්් සම්බන්ධයෙන් ඉකුත් මස 28 වෙනිදින මාතර මහේස්ත්‍රාත් අධිකරණය මගින්තෙන්නකෝන් මහතා ඇතුළු පුද්ගලයන් අට දෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබිණි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සිටි හිටපු පොලිස්පතිවරයා අධිකරණය මගහැර සිටීම හේතුවෙන් සාමාන්‍ය වරෙන්තු වෙනුවට විවෘත වරෙන්තුවක් නිකුත් කිරීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළ අතර එම වරෙන්තුව අනුව හිටපු පොලිස්පතිවරයා දුටු තැන අත්අඩංගුවට ගන්නා ලෙසද නියෝග නිකුත් කෙරිණි.