දේශපාලනයෙන් විශ්‍රාම ගෙන සිටිජනපති රනිල් වික්‍රමසිංහ මහතාට එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය භාරගෙන නැවත පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස මුලින්ම යෝජනා කළේ සබරගමු ආණ්ඩුකාරවර නවින් දිසානායක මහතා බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා අද (20දා) පැවසීය.
ඒ මහතා මෙම අදහස් පලකළේජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නැවතත් ජනාධිපති කරලිමේ අරමුණින් සංවිධානය කෙරෙන ‘පුළුවන් ශ්‍රි ලංකා‘ කෑගල්ලලේ පැවති ඒකාබද්ධ සමුළු රැස්වීමේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සාගල රත්නායක මහතා පැවසුවේ පසුගිය කාල සීමාවේ ශ්‍රි ලංකාවේ ආර්ථිකය පැවැති ආකාරය ,අස්වැසුම ක්‍රමය තුළින් දිළිදුභාවය තුරන් කිරිමට සහය දුන් අයුරු ,උද්ධමනය පෙර පැවැති තත්ත්වය සහ දැන් තිබෙන්නවා වු තත්ත්වය පිළිබඳව ද රටේ පක්ෂ පාට බේදයකින් තොරව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නැවතත් ජනාධිපති කරලිමේ අරමුණින් සියලු එකතුවෙන ලෙස ආරාධනා කරන බවත් 1956 න් පසු ප්‍රථම වතාවට යළිත් එක අරමුණකින් පක්ෂ පාට බේදයකින් තොරව සියලු දෙනා එකමුතු වි ඇති බවයි.
මිට වසර දෙකකට පෙර රට ආර්ථික වශයෙන් පරිහානියට පත් වු මොහොතේ මේ දැවැන්ත කාර්ය භාරගෙන රට නැවතත් යථා තත්ත්වයට පත්කළේ එක්සත් ජාතික පක්ෂයේ තනි මන්ත්‍රී ධුරයෙන් ජනාධිපති වු රනිල් වික්‍රමසිංහ මහතා බවත් ප්‍රධාන විපක්ෂය මග හැරිය අවස්ථාවේ ද දෙවැනි විපක්ෂය භාර නොගත් අවස්ථාවේ ද එම අභියෝගය භාර ගත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි.
එතුමා එදා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් අනිවාර්යයෙන්ම භාර ගත යුතු බව මුලින්ම ඒක හෙළා ප්‍රකාශ කළ සිටියේසබරගමු ආණුඩුකාර නවින් දිසානායක මහතා බවයි ඒදා එලෙස එම මන්ත්‍රී ධුරය භාර නොගත්තේ නම් පවත්නා ආර්ථිකය වර්ධන තත්ත්වය වෙනස් වන්නට තිබුණු බවත්ය .
මෙම අවස්ථාව සදහා රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය,පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිකා වික්‍රමසිංහ,පාර්ලිමේන්තු මන්ත්‍රී උදයකාන්ත ගුණතිලක,පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් මංජුල ඇතුළු කෑගල්ල දිස්ත්‍රික්කයේ දේශපාලන නියෝජිතයන් රැසක් සහභාගී විය.
ධම්මික ප්‍රේමරත්න