දෙහිවල ගුවන්පාලම තරුණ බෞද්ධ සංගමය අසල කෙලවරදී බස්රථ දෙකකට ත්රීරෝද රථයක් මැදීවී සිදුවූ අනතුරකින් ත්රීරෝද රථයේ රියදුරු එම ස්ථානයේදීම මියගොස් ඇතැයි දෙහිවල පොලීසිය පැවසීය. මෙලෙස මිය ගොස් ඇත්තේ ගල්කිස්ස ටෙම්පල්පාර පලවන හරස් පටුමග අංක 75/86 /සී හී පදිංචිව සිටි ත්රීරෝද රථ රියදුරකු වන දෙහිවලගේ ඇන්ටන් ක්රිශාන්ත නම් ( 56 ) හැවිරිදි විවාහක අයෙකුදවේ .
මෙම අනතුර 29 දින පෙ.ව.7.35 ට පමණ සිදුවී ඇත .ගල්කිස්ස දෙස සිට කොළඹ බලා ධාවනය වූ මාර්ග අංක 101 හා 155 දරන බස්රථ දෙකක් මෙලෙස අනතූරට පත්ව ඇති බවත් පොලීසිය කියයි. මෙම බස් රථ දෙක ගල්කිස්ස දෙස සිටභ මාර්ගයේ තරගයට ධාවනය කරමින් රංඩූ වෙමින් පැමිණ ඇති අතර, දෙහිවල මංසන්දියේ ප්රධාන වීථි සංඥා පුවරුව පසුකර බිම් මාර්ගයෙන් කොළඹ දෙසට ධාවනය කරමින් එකීනෙක ඉස්සර කිරීමට උත්සාහ කරනූ ලැබු අවස්ථාවේ එම මැර්ගයේම පැමිණි ත්රීරෝද රථය ඉදීරියෙන් ගමන්කල බස්රථයට දකුණු පසින් ගමන් කර ඇති අතර, එම අවස්තාවේදීම පීටකොටුව බස්රථය එම ත්රීරෝද රථයද මැදිකර බස් රථ දෙකට මැදිවීමෙන් රියදුරු ඒතුල බරපතල තුවාල ලබා කාඩුපට්ටම්වී තිබූ ත්රීරෝද රථය තුලම මිය ගොස් සිටි බව පොලීසිය කියයි .
මෙම ත්රීරෝද රථ රියදුරු තම බිරිද සමග පැමිණ බස් නැවතුමෙන් බෂාසවා ඉදිරියට මීටර් කිපයක් ගිය පසු මෙම අනතූර සිදුවී ඇති බැවින් ඇයගේ ජීවිතය බේරි ඇති බවත් පොලීසිය කියයි .මෙම සිදූවීමට අදාල කොළඹ මොරටුව බස් රථයේ රියදුරු පොලිස් අත් අඩංගුවට ගනු ලැබ ඇතැයිද පොලිසිය පැවසීය.
එච් එම් ධර්මපාල