ශිරාන් බාසික් යන අයට අයත් බව කියන දෙහිවල සෝල් බීච් හෝටලය සම්බන්දයෙන් ගල්කිස්ස කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශය මගින් සිදුකරන ලද විමර්ශන වලදී සැකකරුවන් විසින් ඉදිරිපත් කර ඇති බදු ඔප්පුව ව්‍යාජ ලෙස සකස් කර ඇති බවට විමර්ශන නිළධාරීන්ට අනාවරණය වී ඇත. මෙම හෝටලය මීට මාස කිහිපයකට ඉහතදී වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කඩා ඉවත් කිරීමෙන් පසුව පසුගිය දිනවල නැවත අලුත්වැඩියා ආරම්භ කර ගෙන ගොස් ඇති අතර පසුව නිළධාරීන් කණ්ඩායමක් සෝල් බීච් හෝටලය නැවත අලුත්වැඩියා කරන ස්ථානය වෙත ගොස් එහි ඉදිකිරීම් කටයුතු සිදුකරමින් සිටි සැකකරුවන් 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඊයේ (14දින) අධිකරණය වෙත ඉදිරිපත් කර ඔවුන් මේ මස 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
මෙම ඉඩම රජයේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නිළධාරීන් කණ්ඩායමක් විසින් පරීක්ෂා කිරීමෙන් පසු එය රජයේ සතු ඉඩමක් බවටද වාර්තා වී ඇත.
මෙම සැකකරුවන්ට එරෙහිව පොදු දේපල පනතේ 5(1), 5(2) වගන්ති යටතේ ලංකා දණ්ඩ නීති සංග්‍රහ පනතේ 32 වගන්තිය සමග කියවෙන 433 වගන්තිය යටතේ සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.