දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සම්පත් අවභාවිතා කරමින් වසර ගණනාවක සිට එහි සේවකයකු අනවසරයෙන් සත්තුවත්ත තුළ පෞද්ගලික පරවි කූඩුවක් පවත්වාගෙන යන බවට තොරතුරක් එහි අභ්‍යන්තර ආරංචිමාර්ග වාර්තා කරයි.
එහි වාසය කරන සතුන් සඳහා අවශ්‍ය ආහාර, ජලය , විදුලිය ඇතුළු සියලු පහසුකම් සත්තු වත්ත තුළින්ම ලබා ගැනීම බරපතල කාරණාවක් බව ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටි.
එලෙස ඇති කරන සතුන් සඳහා ලබාදීමට සන්තකයේ තබාගෙන තිබූ ප්‍රමිතියෙන් ඉහල ධාන්‍ය ඇට කිලෝ තුනක් ද මෙම සේවකයාගේ විවේකාගාරය තුළ තිබී මීට මාස කිහිපයකට පෙර ආරක්ෂක අංශය සිදුකළ හදිසි වැටලීමකදී හමු වූ බව ද එම ආරංචි මාර්ග පවසයි.
සත්තු වත්තේ ආරක්ෂක අංශය මේ සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කර ඇතත් මෙතෙක් නිසි පරීක්ෂණයක් හෝ ආරම්භ කර නොමැති බව පැවසේ
තවද සත්වෝද්‍යානයට අයත් තහඩු , දැල් , හා යකඩ බට , යොදා පරවියන් ඇතිකරන මෙම කූඩුව සාදා ඇති අතර එම පරවියන් සඳහා අවශ්‍ය ආහාර ජලය ආදියද සත්වෝද්‍යානයේ අනෙකුත් පක්ෂීන්ට ලබාදෙන ඒවා වීම විශේෂත්වයකි .
රාජ්‍ය දේපළක් හා ජාතික සම්පතක් වන ජාතික සත්වෝද්‍යානය තුළ පෞද්ගලික සතුන් ඇති කිරීම , පිටතින් සතුන් ඇතුළට ගෙන ඒම ඇතුළත සතුන් පිටතට ගෙන යාම සම්පූර්ණයෙන්ම තහනම් පසුබිමක මෙසේ ඇතිකරන පරවියන් පිටතට ගෙන ගොස් රුපියල් 500 සිට 15000 දක්වා මිල ගණන්වලට අලෙවි කිරීමට පුරුදු වී ඇතැයිද අභ්‍යන්තර ආරංචි මාර්ග කියා සිටි.
මත්තෙගොඩ ශාන්ත ප්‍රදීප්