වෙළඳ අමාත්‍යවරයා රුපියල් 38 ට ලබා දීමට නියම කළ දේශීය බිත්තරය තව මසකින් පමණ රුපියල් 38ට අඩුවෙන් මිලදී ගැනීමට පාරිභෝගිකයාට අවස්ථාව උදා වන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ ලේකම් රත්නසිරි අලහකෝන් මහතා පවසයි.
මේ වන විට පරිභෝජනයට අවශ්‍ය බිත්තර ප්‍රමාණය ඉක්මවා මාසිකව බිත්තර ලක්ෂ 06 බැගින් වැඩි බිත්තර ප්‍රමාණයක් නිෂ්පාදනයට එකතු වන බව පවසන ඔහු, ලබන දෙසැම්බර් වන විට බිත්තර අතිරික්තයක් ඇතිවන බවද පවසයි.
මේ අනුව ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව පෙන්වා දෙන ඔහු, බිත්තර ආනයනය කිරීමට යන වියදම දේශීය බිත්තර කර්මාන්තයේ නගාසිටුවීම සඳහා යොදවන්නේ නම් දේශීය ගොවියා මෙන්ම පාරිභෝගිකයාද ආරක්ෂාව වන බව පැවසීය.
වෙළඳ අමාත්‍යාංශය ඉන්දියාවෙන් බිත්තර ආනයනය කර පාරිභෝගිකයාට අළෙවි කළේ රුපියල් 43 බැගින් බවත් දැනට දේශීය බිත්තර රුපියල් 42, 43, 44 මිලට පාරිභෝගිකයාට මිලදී ගත හැකි බවත් පෙන්වා දෙන ඔහු, බිත්තර ආනයනය කිරීමෙන් සිදුවන්නේ දේශීය බිත්තර කර්මාන්තය කඩා වැටීම බවද වැඩිදුරටත් පැවසීය.
දෙවොලපොළ කීර්ති ප්‍රනාන්දු