ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලය හරහා ලැබුණු මත්ද්‍රව්‍ය තොගයක් සොරකම් කිරිමේ ප්‍රතිඵලයක් ලෙස දෙවිනුවර ද්විත්ව මනුෂ්‍ය ඝාතනය සිදු කර ඇති බව ගන්දර පොලීසිය ඊයේ (23) මාතර වැඩබලන මහේස්ත්‍රාත් හා නීතිඥ උපාලි රණසිංහ මහතා හමුවේ වැඩිදුර වාර්තාවක් මගින් කරුණු දක්වමින් කියා සිටියේය.
එසේ මත්ද්‍රව්‍ය සොරකම් කිරිමේ චෝදනාව එල්ල වී ඇත්තේ මෙම සිද්ධියෙන් මරුමුවට පත්වු යොමේෂ් නදීෂාන් නැමැත්තාට බවට ද මිය ගිය පසිදු තාරක නැමැති අයට ඔහු සමග එකට යතුරු පැදියේ ගමන් කිරිම හේතුවෙන් මෙම අපරාධයට ලක්ව ඇති බවද පොලීසිය දැනුම් දුන්නේය.
මෙම අපරාධය සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගත් කාන්තාවක ඇතුළු සැකකරුවන් සිව් දෙනෙකු මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරමින් පොලීසිය ඔවුන් රදවා තබා ගෙන ප්‍රශ්න කිරීමට අවසර ඉල්ලා සිටියේය.
ඒ අනුව මාතර වැඩබලන මහේස්ත්‍රාත් හා නීතිඥ උපාලි රණසිංහ මහතා සැකකරුවන් සිව් දෙනාම ලබන 29 වන දින දක්වා දින 07 ක් රදවා තබා ගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දුන්නේය.
ගන්දර පොලීසියේ ස්ථානාධිපති චාමින්ද ජයලත් මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක ලසන්ත මහතා පැමිණිල්ල ඉදිරිපත් කරමින් මෙසේ කරුණු වාර්තා කලේය.
ක්‍රිෂාන් ජීවක ජයරුක්
