ගතවූ දෙවසර තුළ මෙරට ඉංජිනේරුවන් 5000ක් පමණ රට හැර ගොස් ඇතැයි රාජ්ය සේවා ඉංජිනේරු සංගමය සඳහන් කරයි
.
පසුගිය සමයේ සිදුවූ දේශපාලන පෙරළි, අරගලය, උද්ඝෝෂණ, ආදී රට තුළ නිර්මාණය වූ අර්බුදකාරී වාතාවරණය හේතුවෙන් මෙම ඉංජිනේරුවන් පිරිස රට හැර ගොස් ඇති බව එම සංගමය පෙන්වා දෙයි.
රාජ්ය සේවා ඉංජිනේරු සංගමයේ හිටපු සහකාර ලේකම් වරලත් ඉංජිනේරු දමිත් දිසානායක මහතා සඳහන් කරන්නේ ඉංජිනේරුවන් රට හැර යෑම පෙර වසර වලට වඩා මේ වර්ෂයේ තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බවය. රට හැරගිය සමස්ත වෘත්තකයන් අතරින් සියයට හතළිහක් පමණ පිරිස ඉංජිනේරුවන් වන බව ඔහු සඳහන් කළේය.
මේ හේතුවෙන් මෙරට ඉංජිනේරු ක්ෂේත්රය තුළ පුරප්පාඩු රැසක් පවතින බවත් අත්දැකීම් සහිත පිරිස මෙම ක්ෂේත්රය තුළ අද නොමැති වීම බරපතළ තත්ත්වයක් බවත් පෙන්වා දෙන දමිත් දිසානායක මහතා මෙරටදී ඉංජිනේරු ක්ෂේත්රයේ නිරත වෘත්තිකයන්ට ලබා දෙන වැටුප ඉතාමත් පහළ මට්ටම්ව පවතින බැවින් මෙම පිරිස ඉහළ ජීවන තත්ත්වයක් ළගා කර ගැනීම සඳහා මේ අයුරින් විදේශගත වීමට තීන්දු කර ඇති බව පෙන්වා දෙයි.
මේ අවස්ථාවේදී හෝ වැටුප් වැඩිකිරීම සම්බන්ධව රජය සාධනීය පියවරක් නොගතහොත් ක්ෂේත්රයේ නිරත වී සිටින ඉතිරි ඉංජිනේරුවන් පිරිස ද රට හැර යෑම වැළැක්විය නොහැකි බව වරලත් ඉංජිනේරු දමිත් දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
කමල් ශ්රී ලියනගේ