දූෂණය, වාංචාව නැති කරන්න දේශපාලන අධිකාරිය මෙන්ම රාජ්‍ය ආයතනත් වගකීම් ඉටු කිරීම අවශ්‍ය වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
දැන් පැවත්වෙන CLEAN SRI LANKA වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
“දේශපාලන අධිකාරිය හැටියට අපි ආදර්ශයෙනුත්, ක්‍රියාමාර්ග වලිනුත් මේ දූෂණය නතර කරන්නත් , වංචාව නතර කරන්නත් අපි ආදර්ශය සපයනවා. ඒත් දේශපාලන අධිකාරියේ ආදර්ශය සහ මැතිහත්වීම පමණක් ප්‍රමාණවත් වන්නේ නෑ. ඊට අවශ්‍ය වන රාජ්‍ය ආයතනයන් තමන්ට පැවරී තිබෙන වගකීම නිසි පරිදි තේරුම්ගෙන , නිසි බරෙන් තේරුම්ගෙන ඒ වෙනස් කිරීම සඳහා දායකත්වය, සහය ලබා දෙන්නේ නැතිනම් ඒ අදාළ ආයතන වලින් ඉල්ලා සිටින්න ලෑස්තියි ඒ අදාළ අයාතනයන්ගෙන් සහය අපිට අවශ්‍යයි.”