රුහුණු විශ්වවිද්‍යාල භුමියේ ඉදිකර තිබු දුරකථන කුළුණු වෙනුවෙන් බාහිර පාර්ශවයන්ගෙන් අයවිය යුතු රුපියල් පනස්තුන් ලක්ෂ,අසුහත්දහස්,හෑත්තෑවක (5,387,070) මුදලක් අයකරගෙන නොමැති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සදහන් වේ.
මින් ඉකුත් (2014 -2021) වසර අටක කාලය තුලදි අදාල පාර්ශවයන්ගෙන් අයවිය යුතුව ඇති මුදල රුපියල් දාහත්ලක්ෂ, හැටතුන්දහස්, හයසියදහතුනකි(1,763,613) එමෙන්ම 2022 වර්ෂය සදහා රුපියල් එකොළොස් ලක්ෂ,හෑත්තැදෙදහස්,හයසියපනස් එකක (1,172,651) මුදලක් සහ 2023 වර්ෂය සදහා රුපියල් විසිහතරලක්ෂ,පනස්දහස්,අටසියහයක (2,450,806) මුදලක් අයවිමට ඇති බවද විගණන වාර්තාවේ සදහන් වේ.
හිග මුදල් අදාල බාහිර පාර්ශවයන්ගෙන් අයකරගත යුතු බවට විගණනය මගින් නිර් දේශ කොට ඇත. මේ සම්බන්දයෙන් රුහුණු විශ්වවිද්‍යාලයේ කළමණාකාරිත්වය විසින් විගණනයට පිළිතුරු ලබාදි නැත.
රුහුණු විශ්වවිද්‍යාලය සම්බන්දයෙන් 2023 වර්ෂයට අදාලව මෙකි විගණන වාර්තාව නිකුත්කොට තිබුණි.
ජිනේෂ් නානායක්කාර