දුමින්ද සිල්වා නමැති සිරකරුට විශේෂ පහසුකම් ලබාදීමක් සම්බන්ධයෙන් පසුගිය කාලයේ විවිධ පුවත් ප්‍රචාරය වුවත් එම ප්‍රචාර දැඩිව ප්‍රතික්ෂේප කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එවැනි ආකාරයේ කිසිදු විශේෂ පහසුකමක් මෙම සිරකරු හට ලබා දී නොමැති බවත්, මේ පිළිබඳව කරුණු සොයාබැලීමට මූලික විමර්ශන දෙකක් සිදු කළ බවත් දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
එහිදී ස්ථාන පරීක්ෂා හා මූලික විමර්ශන වාර්තා අනුව අදාළ සිරකරුට වෙනම වැසිකිළියක් හෝ විශේෂ පහසුකමක් ලබා දී නොමැති බවට අනාවරණය කර තිබෙන බවද සඳහන් කරයි.
බන්ධනාගාර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින දුමින්ද සිල්වා සිරකරු සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමෙන්තුව මාධ්‍ය නිවේදනයක් නිකුත් තරමින් මේ බව සඳහන් කළේය.
එම නිවේදනයේ සඳහන් වන්නේ දුමින්ද සිල්වා නමැති සිරකරු බන්ධනාගාර රෝහලේ අංක 3 වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින අතර, එහි නේවාසික ප්‍රතිකාර ලබන රැඳවියන් 50කට වැඩි පිරිසක් සමග රඳවා සිටින බවය.
අදාළ සිරකරු බන්ධනාගාරය වෙත භාරදීමේදී ඔහුට ප්‍රතිකාර කළ විශේෂඥ වෛද්‍යවරයාගේ නිර්දේශ අනුව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්යක්ෂවරයා විසින් වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර කළ යුතු බව දැන්වීම මත බන්ධනාගාර වෛද්‍යවරුන්ගේ අධික්ෂණය යටතේ මේ වන විටත් රඳවා තිබේ.
තවදුරටත් මෙම සිරකරුට බන්ධනාගාර රෝහල තුළ නේවාසික ප්‍රතිකාර ලබා දිය යුතුද යන්න පිළිබඳව සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයාගෙන් ලිඛිතව විමසීමක් කර ඇති අතර, සිරකරු සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් වෛද්‍ය මණ්ඩලයක් පත් කර ඇති අතර එහි තීරණ ලැබීමෙන් පසුව ඊට අදාළ ඉදිරි කටයුතු සිදුකරන බවද එම නිවේදනයේ සඳහන් කර ඇත.