මහනුවර දුම්රිය ස්ථානයේ සේවයේ නියුතු දුම්රිය මාර්ග අංශයේ සේවකයෙකු මහනුවර දුම්රිය ස්ථානය තුළදී දුම්රියක ගැටී මිය යාමේ සිද්ධියක් වාර්තා වේ.
එසේ මියගොස් ඇත්තේ දුම්රිය මාර්ග අංශයේ කම්කරුවකු ලෙස සේවය කළ ශ්‍රී ලාල් ප්‍රේමරත්න (58) නමැතියෙකි.
ඔහු තේ පානය කිරීම සඳහා දුම්රිය ස්ථානයේ ආපනශාලාව වෙත දුම්රිය මාර්ගය මත ගමන් කරමින් සිටියදී පේරාදෙණිය දෙසින් මහනුවර කොළඹ සීඝ්‍රගාමී දුම්රිය පැමිණීම හේතුවෙන් වෙනත් දුම්රිය මාර්ගයකට මාරු වූ අවස්ථාවේදී එම මාර්ගය ඔස්සේ පැමිණි දුම්රිය එන්ජිමක ඔහු ගැටී ඇති අතර ඉන් ඔහු බරපතල තුවාල ලබා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබේ.
මහනුවර මූලස්ථාන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.