දුම්රිය සේවකයන් හට තම නිවාසය සහ සේවා ස්ථානය අතර ගමන් කිරීම සඳහා නිදහස් දුම්රිය අවසර පතක් ලබා දීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව මීට අදාළ පියවර ගන්නා ලෙස ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය විජිත හේරත් මහතා අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.
දුම්රිය දෙපාර්තමේන්තුව හා එහි සේවකයන්ද නිරන්තරයෙන් මගියාගේ විවේචනයට ලක් වන බැවින් එම තත්ත්වය වෙනස් කිරීමට හා එහි සේවකයන් දිරිමත් කිරීමට මෙම තීරණය ගෙන තිබේ.
මෙය දුම්රිය සේවකයන්ගේ අභිමානය වැඩි කිරීමටත්, කාර්යක්ෂමතාවය ඉහළ තත්ත්වයට ගෙන ඒමටත් සාධනීය ලෙස බලපාන තීරණයක් බවත්, එමගින් රටේ ආර්ථිකයටත් යම් බලපෑමක් කළ හැකි බවත් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පවසයි.