දුම්රිය ස්ථානාධිපතිවරුන් අද (30දා) ප.ව.4.30 සිට වර්ජනයක් ආරම්භ කර තිබේ.
දුම්රිය ස්ථානාධිපතීන්ගේ බදවාගැනීමේ සහ උසස්වීම් ගැටලුවට විසඳුම් දීමට බලධාරීන් අසමත්වීම හේතුවෙන් මෙම ක්රියාමාර්ගය ගෙන ඇත.
ඒ අනුව ප්රවේශ පත්ර නිකුත් කිරීම ඇතුළු අනෙකුත් රාජකාරී කටයුතු වලින් ඉවත්ව ඇති අතර, ඒ අනුව ප්රවේශපත්ර ලබා ගැනීමකින් තොරව දුම්රියේ ගමන් කළ හැකි බව සඳහන්.