දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ ගැටලු විසදඳා ගැනීම සඳහා ඉදිරි දිනවල ක්ෂණිකව වෘත්තීය ක්‍රියා මාර්ගයකට යාමට සැලසුම් කර තිබෙන බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සඳහන් කරයි.
දුම්රිය නියාමක සේවයේ හා ස්ථානාධිපතිවරුන්ගේ සේවාවට අදාළව දෙපාර්තමේන්තු පරීක්ෂණයකින් සමත්වන පිරිස් සඳහා වසර පහෙන් පහට ශ්‍රේණි උසස් වීම ලබා දෙන ක්‍රමයක් ඇති කළ බවද සංගමය පෙන්වා දෙයි.
එහෙත් දුම්රිය ස්ථානාධිපතිවරුන්ට අදාළ උසස් වීම් ක්‍රමය තවමත් ක්‍රියාත්මක නොවන බවත් මෙම ගැටලුව විසදඳා ගැනිමට ක්ෂණිකව වෘත්තීය ක්‍රියා මාර්ග ආරම්භ කිරිමට සැලසුම් කර ඇති බවත් ඔවුහු කියති.
දුම්රිය ස්ථානාධිපති තනතුරට අදාළ බඳවා ගැනීමේ පටිපාටියට අනුමැතිය ලබා ගැනීම බලධාරීන් විසින් ප්‍රමාද කරමින් තිබෙන බවද සඳහන් කරති. මෙම ගැටලු විසඳා ගැනීමට ඉදිරි පැය 72 ක කාලයේද ක්ෂණිකව වෘත්තීය ක්‍රියා මාර්ග ආරම්භ කිරිමට සැලසුම් කර ඇත.