දුම්රිය දෙපාර්තුමේන්තුව සතු ඉඩම් වල දුම්රිය සේවකයින් සහ වෙනත් පුද්ගලයින් ඉදි
කිරිම් සිදු කර ඇති බවත්, එම ඉඩම් වල පදිංචිකරුවන්ට දිර්ඝ කාලින බදු පදනමක් මත එම
ඉඩම් වල තවදුරටත් රැදි සිටිමට අවසර ලබාදෙන ප්‍රවාහන අමාත්‍ය බන්දුල
ගුණවර්ධන මහතා පැවසිය.
අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඒ බැව් කියා සිටියේ (08) දින නාවලපිටිය දුම්රිය
ස්ථානයේ සහකාර වාණිජ අධිකාරි කාර්යාලයක් විවෘත කිරිමෙන් අනතුරුව මාධ්‍යට
අදහස් දක්වමිණි.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ
දුම්රිය දෙපාර්තුමේන්තුව සතු ඇතැම් ඉඩම් වල කෘෂිකර්මාන්තය සිදු කරන බවයි.
වසර දහයකට වඩා ඉඩම් වල පදිංචිකරුවන්ට එම ඉඩම් වල තක්සේරු වාර්තාවක්
ලබාගෙන දිර්ඝ කාලින බදු පදනමක් මත එම ඉඩම් වල භුක්ති විදිමට අවසර ලබාදෙන
බවද අමාත්‍යවරයා පැවසිය.
කොළඹට පමණක් සිමා වි තිබු සහකාර වාණිජ අධිකාරි කාර්යාලයක් නාවලපිටියේ (08)
දින ස්ථාපනය කල බවත්, තවත් කාර්යාලයක් අනුරාධපුර ප්‍රදේශයේ ස්ථාපනය කරන
බවයි.
එම කාර්යාල වලට ගොස් තම ඉඩම් වල පවතින ගැටළු සම්බන්ධයෙන් විසදුම් ලබා
ගැනිමට හැකි බවද අමාත්‍යවරයා පැවසිය.
නාවලපිටිය දුම්රිය ස්ථානයේදි විදේශිකයන් දෙදෙනෙකුට පසුගිය දා දුම්රිය සේවකයින්
පහර දුන්නේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් මුලික විමර්ෂණයක් සිදු කල බවත්, එම
විමර්ෂණය අනුව දුම්රිය සේවකයින් සිදු කර ඇත්තේ රාජකාරිය පමණක් බවයි.
කිසිදු විදේශිකයෙකුට පහරදිමක් සිදු කර නොමැති බව අමාත්‍යවරයා පැවසිය.
කථානායකවරයාට එරෙහිව විපක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති
විශ්වාසභංග යෝජනාව පරාජය කිරිමට අවශ්‍ය පියවර ගන්නා බවද අමාත්‍යවරයා
වැඩිදුරටත් පැවසිය.
නව සහකාර වාණිජ අධිකාරි කාර්යාලය විවෘත කිරිමේ අවස්තාවට මහනුවර දිස්ත්‍රික්
පා.ම මහින්දානන්ද අලුත්ගමගේ සහ දුම්රිය දෙපාර්තුමේන්තුවේ උසස් නිලධාරින් රැසක්
සහභාගි විය.