දුම්රිය රියදුරන් පිරිසකගේ වෘත්තීය ක්රියාමාර්ගය හේතුවෙන් මගීන්ට සිදුවන අපහසුතා වළක්වාලීම සඳහා අතිරේක බස්රථ ඇතැම් දුම්රිය ස්ථාන අසලින් ගමන් ආරම්භ කරන ආකාරයට යොදවා ඇතිබව වාරථා වනවා.
ඒසේම හැකි උපරිම ආකාරයෙන් බස් රථ ප්රමාණයක් අද දිනයේ ධාවනයට එක් කර ඇති බව ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.
ඒ අනුව දුම්රිය ස්ථානවල ආසන්නයේ ඇති ඩිපෝවලට ඒ සම්බන්ධයෙන් දැනුම්දී ඇති බවයි එහි සභාපති ලලිත් ද අල්විස් සඳහන් කළේ.
ඒසේම දුම්රිය රියදුරු වෘතිය සමිති ක්රයාමාර්ගය අද (10) හතරවන දිනටත් ක්රියාත්මක වීම හේතුවෙන් උදෑසන කාර්යාල සේවකයින් හා පාසල් දරුවන් බොහෝ අපහසුතාවන්ට පත්ව තිබෙනවා.
ඉන්ද්රමූර්ති ජයසූරිය