දුම්රිය එන්ජින් රියදුරන් පිරිසක් විසින් පසුගිය 06වන දින මධ්‍යම රාත්‍රී 12ට ආරම්භ කළ වැඩවර්ජනය නිසා ඊයේ(09දා) සවස වන විට දුම්රිය ගමන් වාර 220ක් පමණ අවලංගු වී තිබෙන අතර, මේ නිසා මගී ජනතාව දැඩි දුෂ්කරතාවන්ට පත්ව තිබේ.
අද(10දා) දිනය තුළදී අදාළ ගැටලුවලට නිසිලෙස විසඳුම් නොලැබුණහොත් තම සංගමයේ විධායක කමිටුව රැස් වී ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව තීරණයක් ගන්නා බවද එම සංගමයේ ලේකම් එස්.ආර් සී.එම්. සේනානායක මහතා සඳහන් කළේය.
දුම්රිය එන්ජින් රියදුරන්ගේ දෙවැනි පෙළ උසස් වීම ලබා දීම ප්‍රමාද කිරීමටහා වැටුප් කේතයක් නොමැතිකමින් බඳවා ගැනීම් ප්‍රමාද වීමට එරෙහිව 06වන මධ්‍යම රාත්‍රී 12.00 සිට දුම්රිය එන්ජින් රියදුරන්ගෙන් කොටසක් සේවයෙන් ඉවත් වූ බවද පැවසීය
මේ නිසා සිකුරාද දින දුම්රිය ගමන් වාර 80කට වැඩි ප්‍රමාණයක් හා සෙනසුරදා දින ගමන්වාර 70ක් හා ඉරිදා දින ගමන් වාර 70ක් අවංගු වී තිබෙන බවත් ගැටලුවලට විසඳුම් ලබා දීම ප්‍රමාද කළහොත් වෘත්තීය ක්‍රියාමාර්ග දැඩි කරන බවත් දැනට දුම්රිය එන්ජින් රියදුරන් 84ක් සේවයෙන් ඉවත්ව සිටින බවද සඳහන් කළේය.
මෙම ගැටලු විසඳීමට මීට මාස 10ක සිට වැඩපිළිවෙළක් සකස් කළත් එය නිසිලෙස ක්‍රියාත්මක නොකිරීම නිසා මෙම තත්ත්වය ඇති වී තිබෙන බවත් අදාළ ගැටලු කඩිනමින් විසඳන ලෙසට බලධාරීන්ගෙන් අවස්ථා ගණනාවකදී ඉල්ලා සිටියත් එම ගැටලු විසඳීම දිගින් දිගටම ප්‍රමාද කිරීම නිසා මේ ආකාරයට වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවූ බවත්සඳහන් කළේය.