දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය විසින් ආරම්භ කර ඇති වර්ජනය සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව මගින් නිවේදනයක් නිකුත් කර තිබේ.
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය මුහුණ දෙන ගැටලු විසදිම වෙනුවෙන් කමිටුවක් පත්කර එහි නිර්දේශ ලබන 08දාට පෙර ලබාදිමට උපදෙස් දී තිබියදි මෙම වෘත්තිය ක්රියාමාර්ගය ආරම්භ කර ඇතැයි එම දෙපාර්තමේන්තුව පවසයි.
