දිපවාලි උත්සවයට මත්පැන් රැගෙන ඒමට ගිය පුද්ගලයන් දෙදෙනෙකු ඩොවොන් දිය ඇල්ලට ජලය ගලා බසිනා ඩොවොන් ඇළෙහි වැටි අතුරුදහන් වි ඇති බවත්, ඉන් එක් අයෙකුගේ සිරුරක් ඩොවොන් දිය ඇල්ලට පහලින් තිබි (12) දින පස්වරුවේ සොයාගත් බව දිඹුල පතන පොලිසිය පැවසිය.
ඩොවොන් දිය ඇල්ලේ තිබි මෙසේ සොයගනු ලැබුවේ දිඹුල පතන පොලිස් වසමට අයත් ක්රේග්ලි වතුයායේ පදිංචි පලණියන්ඩි මොහන්රාජ් (42) හැවිරිදි පස්දරු පියෙකි.
අතුරුදහන් වි ඇති අනෙක් පුද්ගලයා එම වතුයායේම පදිංචි බාලමණික්යම් වේලුකුමාර් (51) යන අයයි.
දෙදෙනාම ඥාතින් වන බවත්, ඔහුන් දෙදෙනා (11) දින රාත්‍රි 6 ට පමණ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ දිඹුල පතන ප්‍රදේශයේ පිහිටි මත්පැන් අලෙවිසැලකට මත්පැන් රැගෙන ඒමට ගොස් ඇති බවත්, එසේ මත්පැන් රැගෙන ඒමට ගිය දෙදෙනා ආපසු නිවස කරා නොපැමිණි නිසා පවුලේ ඥාතින් ඒ පිලිබදව දිඹුල පතන පොලිසිය වෙත (12) දින පැමිණිලි කිරිමෙන් පසු පොලිස් නිලධාරින් ඩොවොන් ඇළ දිගේ සොදිසි මෙහෙයුමක් දියත් කර තිබියදි එක් අයෙකුගේ සිරුර ඩොවොන් දිය ඇල්ලට පහලින් කොත්මලාඔයේ තිබි හමු වු බවයි දිඹුල පතන පොලිසිය කියා සිටියේ.
මිය ගිය සහ අතුරුදහන් වි ඇති පුද්ගලයන් දෙදෙනා පදිංචිව සිටින වතුයායේ සිට මත්පැන් අලෙවිසැලට පැමිණිම සදහා ඩොවොන් ඇළ හරහා බැද ඇති කුඩා වේල්ලෙන් එගොඩ විමට උත්සහ කිරිමේදි ඇළෙහි සැඩ පහරට දෙදෙනාම ගසාගෙන යන්නට ඇති බවයි සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන දිඹුල පතන පොලිසිය කියා සිටියේ.
ගොඩගත් සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බවත්, අතුරුදහන් වි ඇති අනෙක් සිරුර සොයා තවදුරටත් සොදිසි මෙහෙයුම් සිදු කරන බවයි දිඹුල පතන පොලිසිය කියා සිටියේ.