අවිස්සාවේල්ල දිසා විනිසුරු නිල රාජකාරී යොදවා සිටි පොලිස් කොස්තාපල්වරයෙකු මත්පැන් පානය කර මාර්ගයේ රැඳී සිටියදී අත්අඩංගුවට ගත් බව අවිස්සාවේල්ල පොලිසිය කියයි.
සැකකාර කොස්තාපල්වරයා ඉකුත් 12 වෙනිදින පැය 0600 සිට පැය 1800 දක්වා දිසාව විනිසුරු නිළ නිවසේ රාජකාරී යොදවා සිටියදී ට එම ස්ථානයෙන් බැහැරව ශාන්ත මරියා විද්‍යාලය අසල මාර්ගයේ රැඳී ඉතා අපහසුවෙන් සිටින අයුරු ජංගම සංචාරයේ නිලධාරින් විසින් දැක තිබූ බව පොලිසිය කියයි.
එම නිලධාරීන් විසින් කොස්තාපල්වරයා අසලට පැමිණ පරික්ෂා කිරීමේදී කටින් මත්පැන් ගඳ වාහනය වීම හේතුවෙන් අධිකරණ වෛද්‍ය පෝරමයක් යටතේ අවිස්සාවේල්ල මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ද ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බීමත්ව ඇති බවට වෛද්‍ය වාර්තාවක් ලබාදී ඇති බව පොලිස් නිලධාරියකු පැවසීය.
මෙම කොස්තාපල්වරයා මීට දින කීපයකට ඉහතදී කෑගල්ල පොලිස් කොට්ඨාසයේ දැඩිගම පොලිස් ස්ථානයේ සිට ස්ථාන මාරුවක් ලැබ අවිස්සාවේල්ල පොලිසියට අනුයුක්ත කර තිබූ නිලධාරියකු බව පොලිසිය කියයි .
සැකකාර කොස්තාපල්වරයාගේ රාජකාරී වැඩද තහනම් කිරීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
අවිස්සාවේල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසන්න ජයලත් මහතාගේ උපදෙස් මස විමර්ශන සිදු කෙරේ.