නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොලොන්නරුව හා නුවරඑළිය දිස්ත්‍රික්කවත් හෙට දිනයේදී වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තතමේන්තුව පවසයි.
බස්නාහිර, සබරෙමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇතිවිමට ඉඩ ඇති බවද එම දෙපාරතමේන්තුව හෙට දිනය වෙනුවෙන් නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.
එසේම රත්නපුර, කළුතර, ගාල්ල සහා මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලි මිටර් 75ට වැඩි තරමක තද වැසි
ඇතිවීමට ඉඩ තිබෙන බවද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.