පවතින අයහපත් කාළගුණික තත්වය මත පළාත් තුනකට අයත් දිස්ත්‍රික්ක පහක හා එක් අධ්‍යාපන කලාපයක සියලු පාසල් සඳහා හෙට( 4) දින විශේෂ නිවාඩුවක් ලබාදී ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව සබරගමුව පළාතේ රත්නපුරය සහ කෑගල්ල දකුණු පළාතේ ගාල්ල සහ මාතර බස්නාහිර පළාතේ කලුතර යන දිස්ත්‍රික්කවල සියලු පාසල් සහ කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම අධ්‍යාපන කලාපයේ සියලු පාසල් හෙට දින නොපැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
මෙසේ නොපැවැත්වෙන පාසල් හැර දිවයිනේ අනෙකුත් සියලුම පාසල් සාමාන්‍ය පරිදි හෙට දින පැවැත්වෙන බවත් හෙටින් පසු ඇතිවන කාළගුණික තත්වයන් මත ඒ ඒ පළාත් බලධාරින් විසින් කලාප අධ්යක්ෂවරුන් දැනුවත් කර පාසල් පැවැත්වීම පිළිබඳව තීරණ ගන්නා බවද අධ්‍යාපන අමාත්‍යාංශය පැවසීය.
ජයරත්න ඉඳුරුවගේ