
පවතින වැසි තත්ත්වය හේතුවෙන් රත්නපුර, නුවරඑළිය, මහනුවර, කෑගල්ල, ගාල්ල, මාතර, කළුතර දිස්ත්රික්කවල ජනතාව කඳු නාය යෑම් පිළිබඳව අවධානයෙන් සිටින ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි.
නාය යෑම් ලක්ෂණ දුටු වහාම අදාළ ස්ථානයෙන් ඉවත් වී ආරක්ෂිත ස්ථානවලට යන ලෙසද එම සංවිධානය සඳහන් කරයි. හෙට (19දා) සවස 2.30 දක්වා මෙම අනතුරු ඇඟවීම වලංගු වේ.