නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය නැගෙනහිර වෙරළ දෙසින් දිවයිනයට ඇතුල්වී ශ්‍රී ලංකාව හරහා කරමින් පවතින බව ශ්‍රී ලංකා කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඒ් හේතුවෙන් හේතුවෙන්,දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත්, නැගෙනහිර, ඌව, මධ්‍යම, සබරගමුව, බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වලත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථාන වලට මි.මි. 150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බව ඔවුන් දන්වා සිටියි.
අතර සෙසු පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මි. 75ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි බවද මෙහිදී ඔවුන් දන්වා ඇත.
ඒමෙන්ම දිවයින හරහා විටින් විට හමන පැ.කි.මී. (40-50)ක පමණ තද සුළං ඇතිවිය හැකි. බවද මෙහිදී ඔවුන් වැඩිදුරටත් දන්නා සිටියි.