පානදුර ග්‍රිඩ් උපපොලේ සිදු වූ හදීසි තත්ත්වයක් හේතුවෙන් රට පුරා විදුලිය බිඳවැටීමක් සිදුව ඇති බව විදුලිබල අමාත්‍යාංශය පවසයි.
එම තත්ත්වය යතා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින් පවතින අතර, සිදු වූ හදීසි බිඳවැටීම ගැන ලංකා විදුලිබල මණ්ඩලය කණගාටුව පළ කරන බව බලශක්ති අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් ශාන් මොහොමඩ් මහතා පැවසීය.
මේ අතර මෙලෙස විදුලිය බිඳ වැටීම පානදුර ග්‍රිඩ් උපපොලේ වඳුරෙක් ගැටීම හේතුවෙන් සිදු වූ බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පැවසීය.