සති අන්ත දිර්ඝ නිවාඩුවත් සමග ගෞතම ශ්‍රි පාදස්ථානය කරුණා කිරිමට උඩරට මැණිකේ දුම්රියෙන් විශාල වන්දනාකරුවන් පිරිසක් හැටන් දුම්රිය ස්ථානය වෙත පැමිණි අයුරු දැකගත හැකි විය.
දුම්රියෙන් පැමිණෙන වන්දනාකරුවන් වෙනුවෙන් හැටන් දුම්රිය ස්ථානයේ සිට නල්ලතන්නිය දක්වා හැටන් ලංගම ඩිපෝම මගින් නල්ලතන්නිය වෙත යාමට සහ ආපසු හැටන් දක්වා ඒමට විශේෂ බස් රථ සේවාවක් දියත් කර ඇත.
ගෞතම ශ්‍රි පාදස්ථානය කරුණා කිරිමට පැමිණෙන ඇතැම් පිරිස් රැගෙන එන විවිධ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනිමට හැටන් පොලිසිය මගින් දුම්රිය ස්ථානයේදි විශේෂ සොදිසි මෙහෙයුමක් දියත් කර ඇති අතර, ගෞතම ශ්‍රි පාදස්ථානය වන්දනා කිරිමට පැමිණිමේදි මත්ද්‍රව්‍ය රැගෙන නොයෙන ලෙසත්, ගෞතම ශ්‍රි පාදස්ථානය දක්වා ගමන් කරන මාර්ගය දෙපස කැලි කසල බැහැර කිරිමෙන් වලකින ලෙස හැටන් පොලිසිය වන්දනාකරුවන්ගෙන් ඉල්ලා සිටියි.