දියතලාවේ ධාවන තරගයේ ඊයේ දිනයේ 21දින සිදුවූ මෝටර් රථ අනතුර සම්බන්ධයෙන් මෝටර් රථ ධාවන තරගකරුවන් දෙදෙනකු අද අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතර හිත්තැටිය ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි අයෙක් සහ පේරාදෙණිය මාකන්ද ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි පුද්ගලයකු මෙසේ අත්අඩංගුවට ගත් බවයි, ඔවුන් දෙදෙනාද මේ වන විට අනතුරින් තුවාල ලබා දැනට පොලිස් ආරක්ෂාව යටතේ දියතලාව මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙන බවද පොලිසිය කීය.
මෝටර් රථ ධාවන තරගය අතරතුරේ මෙසේ මෝටර් රථයක් පෙරලීයාමෙන් අනතුර ට පත් වූ අතර පැවති අධික දූවිල්ලත් සමඟ ධාවන පථයෙ තරග වැදුන මෝටර් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් ඉවතට විසිවී ගොස් ඊට යටවීමෙන් 07ක් මියගොස් 20ට වැඩි පිරිසක් තුවාල ලැබු බව වාර්තා විය. මේ වන විට දියතලාව රෝහලේ ප්‍රතිකාර ලබන එක් අයෙකු දැඩි සත්කාරක ඒකකයේ ප්‍රතිකාර ලබන බව ශ්‍රී ලංකා යුද හමුදාව සඳහන් කළේය.
අනතුර සම්බන්ධයෙන් දැනට පවතින වීඩියෝ පට සහ ඡායාරූප උපයෝගී කරගනිමින් ශ්‍රී ලංකා යුද හමුදාව අභ්‍යන්තර පරීක්ෂණයක් සිදුකරන බවද යුද හමුදාව සඳහන් කළේය.