කොරෝනා ආසාදිත රෝගීන් ඇසුරු කිරීම නිසා කොරෝනා වෛරසයට ගොදුරු වී ඇතැයි සැකපිට කරාපිටිය හා අකුරැස්ස ප්‍රදේශයේ පුද්ගලයින් 50 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය සඳහා අද (6) දියතලාව නිරෝධායන මධ්‍යස්ථානය වෙත ඇතුළත් කළ බව දියතලාව යුද හමුදාව පවසයි.
යුද හමුදා අධික්ෂණය යටතේ මෙම පිරිස පළමුවන ගැමුණු හේවා බල ඇණි නිරෝධායන මධ්‍යස්ථානයේදී නිරෝධායනය සඳහා යොමුකළ බව දියතලාව යුද හමුදා කඳවුරේ උසස් නිලධාරියෙකු පැවසුවේය .
පිරිමි 17ක්, ගැහැණු 17ක් ගැහැණු ළමුන් 9ක් පිරිමි ළමුන් 7ක් මෙම කඳවුරට ඇතුළත් කර තිබේ.
දියතලාව යුද හමුදාවට අයත් නිරෝධායන මධ්‍යස්ථානවල මීට පෙර නිරෝධායනය වූයේ විදේශ රටවල සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් ය .
එස්.පි නානායක්කාර